පිස්සුද මහත්තයෝ ඇයි මම ඔයාට නඩු දාන්නේ

2013-11-24 02:00:00

මේ සතියෙ සුන්දර වරදට කවුද අල්ල ගන්නෙ කියල හිත හිත ඉන්නකොට ලැබුණ රාජකාරියක් ඉටුකරන්න කොළඹ ප්‍රසිද්ධ මුද්‍රණාලයකට ගියා. එතැන මනුරංග විජේසේකරගෙ පොතක් ප්‍රින්ට් කරනවා. එතැන ඉඳගෙනම මනුරංගට කෝල් කළා.


මනුරංගට කතා කරන්න පුළුවන්ද?
අපොයි මනුරංගට හොඳට කතා කරන්න පුළුවන්.


මනුවා කියලා මම ඔයාට කතා කරාට කමක් නැද්ද? එතකොට හොඳයි කියලා හිතෙනවා.
ෂා මරුනෙ. හැබැයි මට මේ කතා කරන කෙනාව නම් අඳුරගන්න බෑ.


ඕ. සොරි. මම වරුණ වලිසිංහ. කැන්ඩි වලින්.
ආ. ඕකේ වරුණ. කියන්න.


මට ඔයා 'රම්බරි' එළියට දානකොටම වැඩේ පත්තු වුණා.
මොන වැඩේද පත්තු වුණේ වරුණ? (මනුවා සිනාසෙයි.)
නෑ. මට හිතුණ සමාජ ප්‍රතිවිරෝධී රැල්ලේ උත්තරාරෝපිත පසුගාමියෙක් නෙවෙයි කියල. ඒවයින් වැඩක් නෑ පොත මරු ආ.


මොන පොතද?
ඇයි බං මනුවෝ 'රම්බරි' මනුගෙ අප්සට් ලයින් එක.


පොත කොහොමද ඔයා කියවන්නෙ? තාම මම ඒක ලෝන්ච් කරලවත් නෑනේ.
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. මෙන්න මෙයා කියන කතා පොත ලෝන්ච් කරේ නෑලු.


නෑ තමයි. කරුණා කරලා මට කියන්න පුළුවන්ද මොන බුක් ෂොප් එකෙන්ද මිස්ටර් පොත ගත්තෙ කියල.
මම ගත්තෙ නුගේගොඩ සීදේවි බුක්ෂොප් එකෙන්.


සීදේවි? එහෙම පොත් කඩයක් නුගේගොඩ නෑ නේ.
ඔයා නං මාර කෙනෙක් තමයි සහෝ. මම පොත කියවල හොඳ නරක කියන්න ගත්තාම වෙන කතා කියනවා.
නෑ. නෑ. මෙතැන වරුණගෙ වැරැද්දක් නෑ. මම මේ ඔයාට කම්ප්ලේන් කරනවා නෙවෙයි. මට ප්‍රශ්නෙ තියෙන්නෙ තාම ලෝන්ච් කරපු නැති පොතක් ඔයා කොහොමද කියෙව්වෙ කියලා.


හරි ඉන්නකො මම පොතේ තියෙන කවියක් කියන්න.
හරියට හරි. තෑන්ක්ස් එහෙම කරන්න පුළුවන් නම්.
ආ. මේ තියෙන්නෙ "සති අන්ත පුවත්පත්" කියල කවියක්. තව තියෙන්නෙ "අඹ" කියල කවියකුත්.


මාර සීන් එකනෙ වරුණ. එහෙම කවි, පොතේ තියනව තමයි. මේක නඩු දාන්න පුළුවන් සීන් එකක්.
ඔන්න ඔන්න ඉතින් කැත වැඩ කරන්න හදනවා. මගේ මනුස්සකමට කතා කරාම. මට නඩු දාන්නත් එනවද?
පිස්සුද මහත්තයො. ඇයි මම ඔයාට නඩු දාන්නෙ. තෑන්ක්ස් මට කතා කරල කිව්වට.
මේ මම අහන්න හිටියෙ ඇයි පොතේ කවරෙට ළහිරුගෙ ෆොටෝ එකක් දැම්මෙ.


ළහිරුගෙ. අපේ ලා සිං‍ෙඤාගෙ එහෙම කවරයක්ද මිස්ට වරුණ ගත්ත පොතේ තියෙන්නෙ. කොහොමද එහෙම වුණේ.
ආයෙත් අහනවා ඉතින්. මේ මනු, නිවන් නොදකින්න හේතුව දෙව්රම් වෙහෙරෙ අඹ කඩපු එක කියන කවියනං ඉතින් සුපිරියි අෑ...
ඇත්තටම මිස්ට වරුණ මුලිං මම හිතුවෙ කවුරු හරි මගේ යාළුවෙක්ගෙ බයිට් එකක් කියලා. ඒත් ඔය පොත ඇතුළෙ තියන කවි කියවද්දි තමයි තේරුණේ වැඩේ කොතැන හරි අවුලක් තියෙනව කියලා.


කවි විතරක් නෙවෙයි. රම්බරි සිංදුව. සුදු ගවුම වගේ ඒවත් මේ තියෙන්නෙ. මේ මම නිකමට අහන්නෙ ඔයාට ළහිරුව ෂුවර්ද?
මොනව අහනවද වරුණ. ළහිරුල අපි එකට හුස්ම ගන්න මිනිස්සුනෙ.


එහෙනං මං කියන්නද? ඔය පොත ප්‍රින්ට් කරන්න දුන්න තැනින් ගේමක් ගහන්න ඇති.
ඒ වගේ ජරා වැඩ කරන ජාතියෙ මිනිස්සු නෙවෙයි ඒ අය. එනි වේ. තෑන්ක්ස් මේ ගැන මාව දැනුම්වත් කරාට. දවසක අපි හම්බවෙමු.
අනිවාර්යයෙන්ම දවසක සෙට් වෙමු එහෙනං. ලෝන්ච් එක මටත් කියන්න.


හරි. හරි. මම මේ නම්බර් එක සේව් කරගන්නං.
එහෙනං ජය වේවා වරුණ.
ජය වේවා. ජය වේවා.


සුපුන් චමීර රත්නායක

0 comments:

Post a Comment