අපි ළඟ බොරුව නෑ.. - තිළිණි පෙරේරා

2013-11-24 02:00:00

ප්‍රවෘත්ති කියවීමේ කලාව වෙනුවට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කලාව හඳුන්වාදීමට උත්සාහ ගන්නා ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති මැදරියට තිලිණි පෙරේරා කියන්නේ නුපුරුදු හඬක් නෙවෙයි. දවසේ උණුසුම් පුවත් රැගෙන විටින් විට අපිට සමීප වන ඇය මෙවර හදට හඬක් සමඟ එකතු වුණා.


තිළිණි පෙරේරාව අඳුනගත්තේ 'ලයිව් ඇට් - 8' නිසානේ. කොහොමද ඒ ගමන ආවේ...?
මගේ ඉස්කෝලෙ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාව. ඒ කාලේ ඉඳලම නිවේදන කටයුතුවලට උනන්දුයි. ඉස්කෝලෙ යද්දිම රත්නා පුෂ්පකුමාරි මහත්මිය නිෂ්පාදනය කරපු වැඩසටහන් දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ඊව්ඹ් නාළිකාවේ සහ ඊඍ ඹ්චදඬච නාළිකාවේ විකාශය වුණ 'ළමා කුසලතා හමුව' කියන වැඩසටහන. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ අවුරුදු 3ක් විතර ළමා පුවත් කිව්වා. ඊටත් පස්සේ ඒ/ඹ් කරලා ටික කාලෙකින් ස්වර්ණවාහිනියට ආවා. එදා මාව ඉන්ටර්විව් කරලා තෝරගත්තේ හරේන්ද්‍ර ජයලාල් අයියා. ඔහු තමයි මාව 'ලයිව් ඇට් - 8' වලට ගැළපෙන නිවේදිකාවක් බවට පුහුණු කරලා ගත්තේ.


'ලයිව් ඇට් - 8'වලට ගැළපෙන නිවේදිකාවක් වෙන්න තිළිණිට මුළුමනින්ම වෙනස් වෙන්න සිදු වුණාද?
මම ඒ වෙද්දි ළමා පුවත් විතරයිනේ නිවේදනය කරලා තිබුණේ. ස්වර්ණවාහිනියෙදි මම වෘත්තීය නිවේදිකාවක් බවට පත්වුණා. 'ලයිව් ඇට් - 8' කියන්නේ වෙනස්ම දෙයක්. ඒකට අනුව හැඩගැහෙන්න සිදුවුණා.


නිවේදිකාවක් වෙන්න තිබුණ ආසාව ඉටු කරගත්ත තැන හොඳයි කියලා හිතෙනවද?
ඔව්. මම මේ ආයතනයට ඉස්සර ඉඳලම ආසයි. මොකද ස්වර්ණවාහිනී ප්‍රවෘත්තිවල මං ආස කරන ලස්සනක් තිබුණා. මිනිසුන්ගේ හදවතට කතා කරනවා කියන කාරණයත් එක්ක වැඩි දෙනාගේ ආකර්ෂණය දිනා ගත්ත තැනක්. හරේන්ද්‍ර ජයලාල්, රන්සි රණසිංහ, චවිකා ගුණසේකර වගේ අයට මම ඉස්සර ඉඳලම ආසයි. ඒ නිසා විශේෂයෙන්ම ස්වර්ණවාහිනියට ආවේ ගොඩක් ආසාවෙන්.


තිළිණි ප්‍රවෘත්ති කියනවා වෙනුවට ප්‍රවෘත්ති රහ කර කර තලු මරනවා කිව්වොත්..?
අපේ නිවුස් ලියන කෙනා බලාපොරොත්තු වෙනවා එයාලගේ හිතේ තියෙන අදහස ප්‍රේක්ෂකයාට යන්න ඕන කියලා. එයාලට දුක පෙන්වන්න ඕන තැනකදී අපි සතුට පෙන්නුවොත් හරි, බියක් පෙන්නුවොත් හරි ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මම හැම තිස්සේම උත්සාහ කරනවා ප්‍රවෘත්ති ලියන අයට සාධාරණයක් කරන්න. ඒ අය හිතන හැඟීම මිනිසුන්ට දෙන්න. ඒ වෙනුවෙන් වැඩි යමක් නෙවෙයි අවශ්‍ය සාධාරණය ඉටු කරනවා.


ප්‍රවෘත්ති නිවේදනයේදී ඔය කියන අංගචලනය අවශ්‍යයි කියලා ඇත්තටම හිතනවද?
'ලයිව් ඇට් - 8' සාමාන්‍ය ප්‍රවෘත්ති නිවේදනයකට වඩා වෙනස්. නිකන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන කියවන එක නෙවෙයි එතැනදී සිද්ධ වෙන්නේ. ඇස්වලින් සහ මුහුණෙන් දෙන්න පුළුවන් හැඟීම දෙන්න ඕන. හැබැයි මේ ශෛලිය හරිද, වැරැදිද, හොඳද, නැද්ද කියන එක ප්‍රේක්ෂකයන්ට අයිති තීරණයක්.


අනවශ්‍ය විදියට සංවේදී වෙන්න ගියාම ප්‍රවෘත්තියේ වටිනාකමට හානි වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
අපි එහෙම අනවශ්‍ය සංවේදී බවක් දෙන්නේ නෑ. නමුත් සමහර වෙලාවට සමහර ප්‍රවෘත්ති දැක්කම අවංකවම අපි සංවේදී වන වෙලාවල් තියෙනවා. අපි ඒ සංවේදී බව වැඩිපුර දෙන්න යන්නෙවත්, අඩු කරන්න යන්නෙවත් නෑ. හැම තිස්සෙම අපි බලන්නේ ප්‍රවෘත්තියට අවශ්‍ය සාධාරණය ඉටු කරන්න විතරයි. අපි බොරුවට අඬලත් නෑ, බොරුවට හිනාවෙලත් නෑ. මොකද අපිත් බොහොම සාමාන්‍ය මිනිස්සු.


'ලයිව් ඇට් - 8' මැදිරියට හිරවෙලා ඉන්නේ නැතිව එළියට එන්න අදහසක් නැද්ද?
අපේ ආයතනයේ ප්‍රවෘත්ති නිවේදනයේ යෙදෙන අයට වෙනත් වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට ඇති ඉඩ සීමා කරලා තියෙනවා. මොකද ආයතනයේ ප්‍රතිපත්තියක් තියෙනවා නිවුස් ප්‍රසන්ටර්ස්ලා දකින්නේ, නිවුස්වලින්ම විතරයි කියලා. ඒකට මාත් එකඟයි.


ප්‍රවෘත්ති නිවේදිකාවකට පෙනුම, අඳින පලඳින විදිය කොයිතරම් වැදගත්ද?
මං හිතන්නේ මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්න නම් පෙනුම, අඳින පලඳින විදිය වගේම රූපවාහිනියට ඔබින රූපයත් අවශ්‍යයි. ඒ කියන්නේ මහා ලස්සන කෙනෙක් වෙනවා කියන එක නෙවෙයි. මිනිසුන්ට බලන් ඉන්න පුළුවන් ප්‍රසන්න කෙනෙක් වෙන්න ඕන කියන එක.


පෙනුම ගැන හිතන්න ගිහින් ප්‍රවෘත්තියේ ආකර්ෂණය ඔයාලා උදුරගෙන කියලා හිතෙන්නේ නැද්ද?
අපි කියන්නේ මිනිසුන්ට නිවුස් එක ගැන කතා කරන්නේ නැතිව අපි ඇඳගෙන ඉන්න සාරිය ගැන, කොණ්ඩා මෝස්තරය ගැන කතා කරන්න සලසනවා කියන එක නෙවෙයි. හැබැයි මිනිසුන්ට බලන් ඉන්න පුළුවන් ලස්සනක් අපේ තියෙන්න ඕන.


ප්‍රවෘත්ති මැදිරියේ ඉඳගෙන නිවේදිකාවක් විදියට ඉදිරියට යන්න අපහසුයි නේද?
එහෙම කියන්න බෑ. ප්‍රවෘත්ති නිවේදකාවක් විදියට විතරක්ම ඉඳලා ඉස්සරහට ගිය අයත් ඉන්නවා. තරමක් දුරට ඔය කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. ඒත් හැකියාව තියෙනවා නම් ඒක කොහෙදිම හරි ඉස්මතු වෙනවා.


මේ වෘත්තියේ වගකීම විස්තර කරන්න පුළුවන්ද?
ඒක මහා ලොකු වගකීමක්. සමහර වෙලාවට අපි හිනාවෙලා ප්‍රවෘත්ති කිව්වට අපේ හිතේ ලොකු වගකීමක් තියෙනවා. එක වචනයක්, එක නමක්, එක ඉලක්කමක් වෙනස් වුණොත් ලොකු ප්‍රශ්නයක්. ඒ වගකීම හිතේ තියාගෙන තමයි නිවුස් කියන්නේ.


අනාගතය ගැන මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ?
මම විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරනවා. ඉතිං නීතිඥවරියක් වෙන්න තමයි බලාපොරොත්තුව. කවදා හරි මේ වෘත්තීන් දෙකම සමබරව කරගෙන යනවා.


වාසනා සුරංගිකා විතානගේ
ඡායා - අමිත තෙන්නකෝන්

0 comments:

Post a Comment