
2013-11-24 02:00:00
තිළිණි පෙරේරාව අඳුනගත්තේ 'ලයිව් ඇට් - 8' නිසානේ. කොහොමද ඒ ගමන ආවේ...?
මගේ ඉස්කෝලෙ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාව. ඒ කාලේ ඉඳලම නිවේදන කටයුතුවලට උනන්දුයි. ඉස්කෝලෙ යද්දිම රත්නා පුෂ්පකුමාරි මහත්මිය නිෂ්පාදනය කරපු වැඩසටහන් දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ඊව්ඹ් නාළිකාවේ සහ ඊඍ ඹ්චදඬච නාළිකාවේ විකාශය වුණ 'ළමා කුසලතා හමුව' කියන වැඩසටහන. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ අවුරුදු 3ක් විතර ළමා පුවත් කිව්වා. ඊටත් පස්සේ ඒ/ඹ් කරලා ටික කාලෙකින් ස්වර්ණවාහිනියට ආවා. එදා මාව ඉන්ටර්විව් කරලා තෝරගත්තේ හරේන්ද්‍ර ජයලාල් අයියා. ඔහු තමයි මාව 'ලයිව් ඇට් - 8' වලට ගැළපෙන නිවේදිකාවක් බවට පුහුණු කරලා ගත්තේ.
'ලයිව් ඇට් - 8'වලට ගැළපෙන නිවේදිකාවක් වෙන්න තිළිණිට මුළුමනින්ම වෙනස් වෙන්න සිදු වුණාද?
මම ඒ වෙද්දි ළමා පුවත් විතරයිනේ නිවේදනය කරලා තිබුණේ. ස්වර්ණවාහිනියෙදි මම වෘත්තීය නිවේදිකාවක් බවට පත්වුණා. 'ලයිව් ඇට් - 8' කියන්නේ වෙනස්ම දෙයක්. ඒකට අනුව හැඩගැහෙන්න සිදුවුණා.
0 comments:
Post a Comment