24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

Tuesday, January 12, 2016

තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම

මෙවර සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් සිය ගණනක් අතරින් පළමු තැනට පැමිණි මේ සොඳුරු රුවැත්තිය කවුද? සුරූපි නෙතලි ගැන කෙරෙන විස්තරයකි මේ. 
 

නෙතලිගේ ගම වන්නේ මාතරය. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි සිසුවියකි. වයස අවුරුදු 20කි. උසස් පෙළට කලා අංශයෙන් ඉගෙනුම ලබා ඇති නෙතලිගේ අරමුණ වන්නේ කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමය. තාත්තා ව්‍යාපාරිකයකු වන අතර මව ගෘහණියකි. නැගණිය සහ මල්ලි යනු නෙතලිගේ පවුලේ අනෙක් උදවියයි. පාසලේ පැවැති කටයුතුවලට අමතරව මෙවැනි සුරූපිනියන් තේරූ තරගයකට ඇය සහභාගි වී ඇත්තේ පළමු වතාවටය. මාතර සිට කොළඹ ඇවිත් මේ තරගයට ඉදිරිපත් වුණේ තම නැන්දනිය නිසා යැයි ඇය සිහිපත් කරන්නීය.

”මගේ නැන්දා රූපලාවන්‍ය ශිල්පිණියක්. නැන්දාගේ වුවමනාවට තමයි මම මේ තරගයට අයදුම් කළේ. මේ වෙනුවෙන් මාව උනන්දු කළ නැන්දා, මා එක්ක කීප වතාවක්ම කොළඹත් ආවා. ඉන්පස්සෙ අම්මයි තාත්තයි එක්ක තමයි පසුගිය වසර පුරාම කොළඹ ආවේ.”



  •  ඒ අවුරුද්ද පුරා වෙච්ච සිදුවීම් ගැන සිහිපත් කළොත්?
”ඇත්තම කිව්වොත් ජීවිතයේ කවදාවත් මුහුණ නොදුන් දේ වලට මුහුණ දුන්නා.”
 
 
  •  ඒ මොන වගේ දේ වෙනුවෙන්ද?
”මේ තරග අවස්ථාවට දායක වීමට ලැබීමම හරියට සරසවියකට ඇතුළත් වුණා වගේ දෙයක්. බොහෝ දේ ගැන ඉගෙන් ගන්න, අත්දැකීම් ලබන්න, පර්යේෂණ කරන්න, නිරීක්ෂණය කරන්න, ඒ වගේම ප‍්‍රායෝගික වෙන්න අවස්ථා ලැබුණා. ඒක ඇත්තටම මට මගේ ජීවිතයේ ලැබූ ලොකුම අවස්ථාවක්.”
 
 
  •  කෙසේ වෙතත් මේ සියලූ දේ අවසන ඔබට මුදල් ත්‍යාග ඇතුළු තවත් බොහෝ ත්‍යාග හිමි වුණා. එහෙම නේද?
”ඇත්තමට මුදල් ත්‍යාග ලැබුණා තමයි. නමුත් මුදලට ගත නොහැකි වූ අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ලැබුණා.”
 
 
  •  මොනවද දැන් මේ ලැබුණු මුදලට කරන්නෙ?
තවම ඒ ගැන හිතලා නැහැ. නමුත් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ඒ සියල්ල වැය කරාවී.
 
 
  •  මේ තරගයට එද්දි, ඔබට මේ වගේ තැනැක් ලැබේවි කියලා හිතුවද?
ඇත්තටම මේ තරගයට පැමිණි මුල් අවස්ථාවේදීම හරිම පුදුම වැඩක් වුණා. 





  •  ඒ මොකක්ද?
මෙවර මේ සිරස කුමරිය තරගවටය මුලින්ම ආරම්භ වුණාම පළවැනි වටයේ පළවැනි තරගකාරිය වුණේ මමයි. ඒ කියන්නෙ තරගය පටන් ගත්තෙ මගේ අවස්ථාවෙන්. එදා මම ලස්සනට හැඩවෙලා හිටියා කියලා ඔක්කෝමලා කිව්වා. එදා ඒ විදියට විනිශ්චය මඩුල්ලේ ප‍්‍රතිචාර ලැබූ මම අන්තිම මොහොත දක්වා පෙනී සිටියා. ඒ කියන්නෙ සිරස කුමරිය කිරුළ ලබමින් තරගය අවසන් වුණෙත් මගෙන්. ඒක ඇත්තටම හරි පුදුම අවස්ථාවක් වුණා.
 
 
  •  දැන් මේ එක්කම මොනවගේ අවස්ථාවද ඔබට ලැබී තිබෙන්නෙ?
දැන්වීම් සහ ප‍්‍රාසාංගික නිර්මාණ නිෂ්පාදන ආයතන බොහොමයකින් වගේම ටෙලි නාට්‍ය අංශයෙන් හොඳ මාවතක් විවර වුණා.
 
 
  •  ඔබ ඒ මාවතේ මොන විදියට යන්නද අදහස් කරන්නෙ?
මට මගේ ගැන හොඳ ආත්ම විශ්වාසයක් තිබෙන්නෙ. ඒ වගේම තව කෙනෙකුගේ අදහස්වලට සවන් දීමට තරම් මම ඉතා නිහතමානියි. අනෙක් අය වටහා ගැනීමටත්, ගරු කිරීමටත් මම සූදානම්. ඒ සියලූ දේ නිසා නිර්මාණාත්මක වූ බොහෝ දේ කරන්න අවකාශය ලැබේවි කියා හිතනවා.



වැඩියෙන්ම ආසා මොන අංශයටද?
රූපවාහිනී නිවේදිකාවක වීම මට එදා ඉඳලා තිබුණු සිහිනයක්. ඒ අතරේ අනෙක් අංශ හදාරන්නත් කැපවෙනවා.
 
 
  •  දැන් මාතර අත්හැර කොළඹට එන්න සූදානම්ද? 
ඇත්තටම දැන් ලැබී තිබෙන අවකාශය එක්ක කොළඹට පැමිණීම වඩා පහසුවක් වේවි.
 
 
  •  ”පොත් කියවීම” ඔබගේ ප‍්‍රියතම විනෝදාංශය නේද?
ඇත්තෙන්ම ඔව්. පොත් කියවීමට මම හරි ආසයි.
 
 
  •  සිරස කුමරිය (2015) වීම නිසා අද ඔබට වැඩි දෙනෙක් ආදරය කරනවා ඇති. ඔබ ඔබගෙ ”ආදරය” ගැන කියන්නෙ කොහොමද?
හැමෝටම අත්‍යාවශ්‍ය හැඟීමක්. මටම වූ ආදරයක් ගැන තවම හිතලා නැහැ. ඊට වඩා මගේ ජීවිතයේ දුර ගමනක් මට පෙනෙනවා. ඒ අනාගතය වෙනුවෙන් දැනට කටයුතු කරන්න කැමතියි.
 
 
  •  ඔබ මොනවගේ කෙනෙක්ද?
සාමාන්‍ය, හරි සරල කෙනෙක්.  ඕනෑම කෙනෙක් එක්ක මිත‍්‍රශීලිව සිටින, පොළෙවෙ පය ගහලා ඉන්න තරුණියක්.









දහස්වරක් මනමාලිට ඇන්ද රොෂෙල්





මේ රොෂෙල් මධුෂිකා හඳුනනවාද? නිරූපණ සහ දැන්වීම් ක්ෂේත‍්‍රයට ඇය නැතුවම බැරි ශිල්පිණියකි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන මේ රොෂෙල් එක් වතාවක  දී නොව, දහස් වතාවකටත් වඩා වැඩි අවස්ථාවක දී මනාලියක වූ බැව් කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද? නමුත් එය සැබෑවක් ම ය. හැබැයි ඇය එලෙසින් මනාලියක වූයේ සැබෑ ජීවිතය වෙනුවෙන් නොවේය. සැබෑ ජීවිතයේ එක් වතාවකදී පමණක් මනාලියක වූ මේ රොෂෙල් දහස් වතාවකට වඩා මනාලියක ලෙස පෙනී සිටියේ නිරූපණ ක්ෂේත‍්‍රයේදී ය. එලෙසින් නිරූපණයට පමණක් දායක වන රොෂෙල් එක්ක අපි විස්තර ටිකක් කතා බහ කරමු. 


  •  රොෂෙල් මුලින්ම ඔබ ගැන සඳහනක් කළොත්?
මම රොෂෙල් මධුෂිකා ලියනගේ, ගම ගල්කිස්ස. ඉගෙන ගත්තෙ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන්. කලා අංශයෙන් අධ්‍යාපනය කළේ.
 
 
  •  නිරූපණ අංශය තෝරා ගත්තෙ ඇයි?
දක්ෂතාවය වගේම ලොකු උනන්දුවක් ඒ අංශය සඳහා ඇති බව මම දැන සිටියා. ඒ වගේම බ‍්‍රයිඞ්ල් අංශයට වඩා හොඳයි කියලත් හිතුවා.
 
 
  •  කරළියට ආවේ ඒ විදියටද?
මුලින්ම රූපලාවන්‍ය ශිල්පිනී ෂෙහානා පෙරේරා යටතේ මනාලියක ලෙස නිරූපණයට මට අවස්ථාවක් ලැබුණා. ඊට පෙර රූපලාවන්‍ය ගැන පාඨමාලාවකුත් හදාරා තිබුණා. එදා ෂෙහානා යටතේ මනාලියක ලෙස හැඩවීමෙන් පසුව නිරන්තරයෙන්ම ඒ සඳහා ආරාධනා ලැබුණා.
පසුගිය අවුරුද්දෙ විතරක් අවස්ථා 600 කට වඩා මනාලියක ලෙස පෙනී සිටීමේ අවකාශය ලැබුණා.

 
 
  •  මේ නිසා ඔබට ලොකු මුදලක් ලැබෙනවත් ඇති නේද?
මොන දේ කළත්, අපි එය වෘත්තිය මට්ටමින් කරනවා නම් අඩු මුදලට කළ යුතු නැහැ. වෘත්තිය වටිනාකම ලබා දිය යුතුයි. ඉතින් මම මගේ තක්සේරුවට අනුව එන ඒවා විතරයි බාරගන්නේ.
 
 
  •  මේ ගෙවී ගිය කාලයේදී විවිධ ස්වරූපයේ මනාලියන් ලෙස හැඩ වෙන්න ඇති නේද?
උඩරට, පහතරට, දමිළ, හින්දු මේ සෑම විදියකටම හැඩ වෙන්න ලැබුණා.
 
 
  •  වෘත්තියෙන් ඔබ නිරූපණය විතරමද කරන්නේ?
බ‍්‍රයිඞ්ල් සහ විලාසිතා නිරූපණය වගේම රූපවාහිනී දැන්වීම් සඳහාත් පෙනී සිටිනවා. 
 


  •  රඟපෑමට කැමැත්තක් ඇත්තේම නැද්ද?

මේ නිරූපණ කටයුතු නිසා රඟපෑම සඳහා කාලය වැය කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම මට දෙබස් කීමේ අඩුපාඩුවක් තියෙනවා. එනම් සිංහල භාෂාවෙන් වචන උච්චාරණය එතරම් පැහැදිලි නැහැ. ඒ නිසා තමුන්ට පුළුවන් දේ විතරක් කිරීම හොඳයි.

 

 

  •  සිනමාවට ඒමේ අදහසකුත් නැද්ද? 

ඇත්තටම ඒ වෙනුවෙන් ආරාධනා ලැබුණා. ඒත් මම දායක වුණේ නැහැ.


 


  •  ඇත්ත ද ඔබගේ ප‍්‍රියතම විනෝදාංශය බල්ලන්ට කෑම දීම කියන එක?

මම ඒකට හරිම ආසයි. බොහෝම උනන්දුවෙන් එය කරන්නේ. බල්ලෙක් මහමගදි දැක්කොත් කෑම දීලා තමයි එන්නේ. එයින් මම ලොකු සතුටක් ලබන්නේ.

 

 

  •  නිරූපිකාවක් යනු කවුද?

ඇය නිරූපිකාවක් වන්නෙ වේදිකාවේ හෝ කැමරාව ඉදිරියේදී විතරමයි. එතැනින් එහාට වූ බැඳීම් නැහැ. මගේ පවුල සහ මගේ ගරුත්වය අංක එකට හිතන්නෙ. අසාධාරණයක් දුටු තැන මට කේන්ති යනවා. ඒ වගේම කා ගැනවත්  ඕපාදූප කතා කිරීමේ පුරුද්දක් හෝ තව කෙනෙක් කියන  ඕපාදූප ඇසීමේ පුරුද්දක් මට නැහැ. මම හිතන්නෙ මම නිරූපණ වෘත්තිය ගරුත්වයෙන් කළ යුතුයි කියලා විතරයි. 

විලාසිතා නිර්මාණය හා හැඩගැන්වීම ලක්කිත උක්වත්ත