මේ ආදරයයි පුංචි රූහිට හඬ කවන ජනුමි දහම්දි

015-03-02 02:00:00

මේ ආදරයයි පුංචි රූහිට හඬ කවන ජනුමි දහම්දි   

මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යයක් වන 'මේ ආදරයයි' කතාවේ, රූහි කුඩා දරුවන් අතර හුඟක් ජනප්‍රියයි. හැබැයි ඒ හුඟක් අය හිතනවා වගේ එයාගේ රඟපෑම නිසාම නෙවෙයි. රූහිගේ හඬ තමයි ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනා ගැනීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ.

පසුගියදාක රූහිට හඬ කවන ජනුමි අපට මුණගැහුණා. ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන මල්කුමාරි ගීතරාණිගේ දියණිය වන ජනුමිගේ තාත්තා සිරස ටී.වී. හඬකැවීම් ඒකකයේ රෝචන විමලදේවයි. මුලින්ම අපිට මුණ ගැහුණේ ජනුමිගේ තාත්තා රෝචනයි. ඔහු ජනුමි ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
'ජනුමිට මුලින්ම හඬ කවන්න කියලා කතා කළේ බහුර මලිත්. කොහොමත් ජනු හරිම දඟයි. එයා එයාට ඕන වේලාවට තමයි හඬ කවන්න එන්නේ. නැත්නම් එහේ මෙහේ දුව දුව ඉන්නවා. එයා කොහොමත් එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයි.


අනෙක් එක තමයි හැමතිස්සෙම එයාට කතාව දැනගන්නම ඕන. එයා දැනටමත් කතාවේ, කොටස් ගොඩක් දන්නවා. ගෙදර අපි කතාව බලද්දී එයා කියනවා ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. අනෙක එයා රූහිට හඬ කවන්නේ එයාගෙම විදියකට. එයාට කවුරුත් කියලා දීලා නෙවෙයි. එයාම හදාගත්ත විදියකට එයා එයාගේ වැඩේ කරනවා.
වැඩ කරද්දී කවදාවත් කිසිම මහන්සියක් නැහැ. එක දිගට සමහර වේලාවට සතියෙම ඒවා කරනවා. මෙතැන හඬ කැවීම් අධ්‍යක්‍ෂණය කරන්නේ මගේ යාළුවෝ දෙන්නෙක් නිසා ජනු ඒ දෙන්නා එක්ක යාළුයි.
ඉතිං ඒ නිසා බෑ කියන්නේ නැහැ. වැඩේට කොහොමත් ආසයි. කවදාවත් බෑ කියලා නෑ. හැම තිස්සෙම අහනවා 'කවද්ද බනුර අන්කල් මට ච්භඡඡඪදඨ දාන්නේ' කියලා. අපිට අමතක වුණත් එයාට මතකයි. කොහොමත් රූහියි, ජනුයි දෙන්නම එක වගේ. පටන් ගත්තු මුල් කාලේ රූහීට තිබුණේ පොඩි පොඩි දෙබස්. ඒ නිසා ජනුට ලේසි වුණා.


හුඟක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ජනු දිගටම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ තියනවද කියලා. ඇත්තටම මට එහෙම අරමුණක් නෑ. එයාටත් මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්න කිසිම ආසාවක් නැහැ. එයා හැමතිස්සෙම කියන්නේ කවදාහරි වෛද්‍යවරියක් වෙනවා කියලා. එයා එයාගේ අම්මායි, තාත්තායි මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කියලාවත් ගනන් ගන්නේ නැහැ. කොහොමත් එයාට දුර ගමනක් යන්න පුළුවන්. මොකද එයා බුද්ධිමත් දරුවෙක්.


මේ කතාවෙන් පස්සේ තමයි අපිට 'ජනු' මුණගැසුනේ. පුංචි සුරතලී එක්ක හුඟක් දේවල් කතා කරන්න තිබුණත් එයා නම් කතා කළේ එයාට ඕන ටික විතරයි.
ජනු කොහොමද?
හොඳයි ඇයි...?
අද ඉස්කෝලේ ගියාද?
ඔව්.


කොහෙද ඉස්කෝලේ යන්නේ?
රෝයල් ඉන්ස්ටිටියුට් තමයි මගේ හොඳ ඉස්කෝලේ.
කොහෙද ඉස්කෝලේ තියෙන්නේ?
නුගේ... ගොඩ...
ඔයා ඉගෙන ගන්න පන්තිය මොකද්ද?
ගේ‍ර්ඩ් ටූ...
ඔයා ඉස්කෝලේ යන්න ආසද?
ඔව්, ඔව්, ඔව්
ඔයාට රූහීට හඬකවන්න කියලා මුලින්ම කිව්වේ කවුද?
බනුර අන්කල්...
ඔයා ආසද රූහිට හඬ කවන්න?
ඔව්. ආසයි.


ඔයා රූහිගේ කැමැතිම නැති වැඩේ මොකද්ද?
අපෝ... හැම තිස්සෙම කියවනවා. කියවනවා. කචබච කචබච, බොච බොච එපා වෙනවා.
ජනුට හඬ කවද්දී දෙබස් අමතක වෙන්නේ නැද්ද?
නෑ. වේලාවකට බනුර අන්කල් දෙබස් කියනවා, මම ඇඟිලි උර උර ඉන්නේ, ඉතිං මට මතක නෑ. මම දන්නේ නෑ මොකද්ද කිව්වේ කියලා.
ඉතිං බනුර අන්කල් බනිනවද?
නෑ... එයා හරි හොඳයි බනින්නේ නෑ.


ආ... එහෙමද?
ඔව්, මේ... තව කොච්චර මගෙන් ප්‍රශ්න අහනවද ඔයා.
තව ප්‍රශ්න ටිකක් අහන්නම් කමක් නෑ නේද?
ඒ මොකටද? ඇයි දැන් ඔයා මගෙන් ඔච්චර ප්‍රශ්න අහන්නේ.
පත්තරේට දාන්න?
හා කමක් නැහැ (හිනැහේ
ඉස්කෝලේ හොඳම යාළුවගේ නම මොකද්ද?
මෙ... තු... කී...
එයා කතාව බලනවද?
ඔව්, ඒත් එයා ආස නෑ...
ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමැති?
ඩොක්ටර් කෙනෙක් වෙන්න...
ඉෂිතා අම්මට හඬකවන ආන්ටි ඔයාට හම්බවෙලා තියෙනවාද?
ඔව්, එයා හරි හොඳයි. ඒත් මම නම නම් දන්නේ නැහැ.


දැන් මොකද කරන්නේ?
ආ... කාර්ටූන් බලනවා.
මේ ටී.වී. එකේ ඒවා නෙවෙයි. ඩී.වී.ඩී. ඒවා. මට දැන් යන්න ඕන. මම යනවා බායි.
පුංචි ජනුමී ඒ විදියට එයාගේ කතාව හමාර කළා. රූහි වගේම දඟකාර හැමෝම ආදරය කරන ලස්සන කටහඬක් හිමි ජනුමිට 'මව්බිම' අපේ සුබ පැතුම්.


හංසි ආටිගල
උපුටා ගැනිම mawbima Web Site

0 comments:

Post a Comment